චොක්ලට් කේක් හදමු
අවශ්ය ද්රව්යකේක් එක සදහා
- සීනි කෝප්ප 2 ( granulated sugar )
- පිටි කෝප්ප 2
- ලුනු තේ හැදි 1/2
- බේකින් සෝඩා තේ හැදි 1
- බිත්තර 2
- ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 1/2
- විනාකිරි මේස හැදි 1 ( white vinegar )
- වැනිලා තේ හැදි 2
- බටර් කෝප්ප 1/2
- වෙජිටබල් shortening කෝප්ප 1/2 ( කැමතිනම් දාන්න)
- කොකෝවා පවුඩර් කෝප්ප 1/4
අයිසින් එක සදහා (1 ක්‍රමය )
- බටර් කෝප්ප 1/2
- කොකෝවා පවුඩර් කෝප්ප 1/4
- ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/4 + මේස හැදි 2
- අයිසින් ෂුගර් කෝප්ප 4
- වැනිලා තේ හැදි 2
අයිසින් එක සදහා ( දෙවන ක්‍රමය )
- බටර් කෝප්ප 1/2
- කොකෝවා කෝප්ප 1/4
- ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/4 + මේස හැදි 2
- අයිසින් ෂුගර් කෝප්ප 1 1/2
- චොක්ලට් චිප්ස් 50-60 g ක් පමණ ( Hershey's chocolate chips )
- වැනිලා තේ හැදි 2
සාදන ආකාරය
ඉස්සෙල්ලම කේක් එක හදා ගනිමු. ලොකු බෝල් එකක් අරගෙන සීනි,පිටි,ලුනු සහ බේකින් සෝඩා එකට මිශ්‍ර කර ගන්න.පැත්තකින් තියන්න.දැන් තවත් බෝල් එකක් අරගෙන බිත්තර,කිරි,විනාකිරි සහ වැනිලා එකට එකතු කර හොදින් ගසා ගන්න. පැත්තකින් තියන්න.දැන් පෑන් එකක් ලිප තබා ( මද ගින්නේ ) එයට දිය කර ගත් බටර්, වෙජිටබල් shortening සහ කොකෝවා පවුඩර් දමා හොදින් හැදි ගාන්න මිශ්‍රණය සම්පූර්ණයෙන්ම දිය වෙනකම් සහ ස්මූත් වෙනකම්. ( මේ මිශ්‍රණය බුබුලු දානතුරු තියන්න අවශ්ය නැහැ. කර කර ගන්නත් එපා ) දැන් ලිප නිවලා මේ මිශ්‍රණය පිටි මිශ්‍රණයට එකතු කරන්න. එයටම කලින් සාදා ගත් බිත්තර මිශ්‍රණයත් දමන්න.ලී හැන්දක් අරගෙන මෙය හොදින් මිශ්‍ර කර ගන්න. බටර් ගා ගත් බේකින් ට්‍රේ එකකට මෙම කේක් මිශ්‍රණය දමා කලින් රත් කර ගත් අවන් එකේ 400 F උශ්ණත්වයෙන් විනාඩි 15-20 විතර බේක් කර ගන්න. ලී කෝටුවක් වැනි දෙයක් කේක් එක මැදින් ගසා බලන්න හරියටම කේක් එක බේක් වෙලාද නැද්ද කියලා.ඒකට කේක් මිශ්‍රණය ඇලෙන්නෙ නැත්නම් කේක් එක හරියටම බේක් වෙලා.
කේක් එක බේක් වෙන අතරෙ අපිට පුලුවන් අයිසින් එක හදා ගන්න. අයිසින් එක හදන විදි දෙකක් තියනවා. මම හැදුවෙ දෙවන ක්‍රමයට. ඔයාල කැමති ක්‍රමයකට හදන්න.

