පලතුරු අච්චාරු හදමු
- කටු ලොවි 10
- රතු ලොවි 10
- නමිනං ගෙඩි 5
- කජු පහුලන් 5
- ජම්බු ගෙඩි 5
- අඹ ගෙඩි (බාගෙට ඉදුණු)
- අබ මේස හැදි 3(විනාකිරෙන් අඹරාගත්)
- සීනි මේස හැදි 1
- විනාකිරි අඩු කෝප්ප 1/2
- ගම්මිරිස් තේ හැදි 1
- ලුණු තේ හැදි 1/2
- දෙහි ගෙඩි යුෂ
සාදන ක්‍රමය:
පලතුරු හොදික් සෝදා අගල් 1/2 කෑලි කපාගන්න. (දැන් ඒවා දෙහි මිශ්‍ර වතුරේ දමා විනාඩි 5ක් පමණ නිවෙන්නට හරින්න. කහට පිපීම වැළැක්වීම සදහා) භාජනයක් ගෙන අඹරාගත් අබ, සීනි, ගම්මිරිස්, ලුණු ,විනාකිරි සමග මිශ්‍ර කර කපා ගත් පලතුරු (කපා දිය බේරාගත්) සමග කලවම් කරන්න.
පුවත්පතක සදහන් වූ පබිලිස් සිල්වා මහතාගේ කෑම වට්ටෝරුවක් බව සලකන්න.

