Ginger Cake Recipe

ඉඟුරු කේක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය
  • බටර් ග්‍රෑ. 500 යි.
  • පිටි ග්‍රෑ. 500 යි.
  • සීනි ග්‍රෑ. 500 යි.
  • බේකිං පවුඩර් තේ හැඳි 04 යි.
  • ඉඟුරු දෝසි ග්‍රෑ. 100 යි.
  • බිත්තර 08 යි.
  • වියළි මිදි 100 යි.
  • කිරි කෝප්ප 1/2 යි. (කල්කිරි)
  • ගාගත් දෙහි ‍පොතු තේ හැඳි 02 යි.
  • වැනිලා තේ හැඳි 04 යි.
සාදන ක්‍රමය:
ඉඟුරු කුඩා කැබලිවලට කපා පසෙකින් තබන්න. බටර් සීනි බඳුනකට දමා ගසන්න. එයට බිත්තර 01 බැගින් එක් කරමින් ගසන්න. බේකිං පවුඩර් පිටි සමග හලා පසෙකින් තබන්න. වියළි මිදි සෝදා ගන්න.
ගසාගත් බටර් සීනි මිශ්‍රණයට ඉඟුරු දෝසි, වියළි මිදි, ගාගත් දෙහි ‍පොතු දමා කලවම් කරන්න. එයට වැනිලා හා කිරි එකතු කරන්න. ඉන්පසු හලාගත් පිටි මිශ්‍රණය එකතුකර එක පැත්තකට කලවම් කරන්න. මාගරින් හෝ බටර් තවරා ගත් තෙල් කඩදාසියක් තැටිය මතට දමා සාදාගත් මිශ්‍රණය ඒ මත දමා ෆැරන්හයිට් අංශක 350 ක උෂ්ණත්වයක් තුළ පුළුස්සා ගන්න.

Written by

ඔබට රසවත් ගුණවත් කෑමවේලක් සැපයීම අගේ අරමුණයි.ඔබගේ කෑම වට්ටෝරු ඔබගේ නම සහිතව ඵල කිරීමට අප සුදානම් අපට ලියන්න .

 

© 2013 Nimrasa. All rights resevered. Designed by Templateism

Back To Top