Biryani Recipe

බුරියානි හදමු

අවශ්‍ය ද්‍රව්‍ය-

  • හාල් හුන්ඩු 2 (බාස්මතී නම් වඩාත් හොඳයි)
  • ලොකුවට කැපු කුකුල් මස් ග්‍රෑම් 500
  • ඉතා සිහින්ව ලියාගත් ලොකු ළුණු ගෙඩි 2
  • කහ තේ හැඳි 1/2
  • මිරිස් කුඩු තේ හැඳි 2
  • තුනපහ තේ හැඳි 2
  • සුදුළුනු බික් 5
  • අඟලක් දිග ඉගුරු කැල්ලක්
  • කුරුදු කැල්ලක්
  • කරදමුංගු 3
  • කරාබුනැටි 3
  • ගම්මිරිස් තේ හැඳි 1/2
  • තරමක් ලොකු තක්කාලි ගෙඩි 2
  • ග්‍රීන් පීස් ග්‍රෑම් 150
  • මුද්දරස්පලම් ග්‍රෑම් 70
  • බැදපු කජු ග්‍රෑම් 50
  • කරපිංචා ඉත්තක්
  • බටර් මේස හැඳි 3 හෝ තෙල් ලුණු අවශ්‍ය තරමට


සාදාගන්නා ආකාරය-
සහල් සෝදා පෙගෙන්නට තබන්න. බටර් රත් කර ළුණු රන්වන් පාට වනතෙක් බැද තෙල් බේරෙන්නට හරින්න. ඉතුරු තෙල් ටිකටම මුද්දරස්පලම් හා ග්‍රීන් පීස් දමා යන්තම් බැද එයද තෙල් බේරෙන්නට තබන්න. දැන් ගින්දර අඩු කර ඉතුරු තෙල් ටිකට කරපිංචා, සුදුළුනු, ඉඟුරු,මිරිස්, තුනපහ දමා විනාඩි දෙක තුනක් බැදගන්න. කුකුල්මස් හා ගම්මිරිස් මෙයට එකතුකර හොදින් කලවම් කර වසා අඩුගින්දරෙන් විනාඩි 10 ක් පමණ පිසගන්න. කුඩාවට කැපූ තක්කාලි, කුරුදු, කරදමුංගු, කරාබුනැටි, කහ, ලුණු දමා වතුර කෝප්ප 1 1/2 ක්ද එකතු කර වසා තවත් විනාඩි 10 ක් පමණ පිසගන්න. එහි ඇති කුකුල් මස් හා හොඳි කෝප්ප 1/2 වෙන්කර ඉතුරු හොඳිවලට පෙගූ සහල් දමන්න. වතුර බුබුළු දමනවිට ගින්දර ඉතා අඩුවෙන් තබා වසා විනාඩි 15 ක් පමණ තබන්න. දැන් බත සදා අවසන්. කුකුළු මස් ගැඹුරු තෙලේ බැදගන්න. හොඳින් තැම්බුන බතට බැදපු ළුණු, කජු, මුද්දරස්පලම්, සහ ග්‍රීන් පීස් කලවම් කරගන්න. බත් බැදපු කුකුල්මස් හා ඉවත් කරගත් හොඳි සමග පිළිගන්වන්න.

*බුරියානි සම්පුර්ණ විමට නම් තම්බා ගැබුරු තෙලේ බැදගත් බිත්තර සහ ළුණු තක්කාලි සලාදයක් අවශ්‍යවේ.

Written by

ඔබට රසවත් ගුණවත් කෑමවේලක් සැපයීම අගේ අරමුණයි.ඔබගේ කෑම වට්ටෝරු ඔබගේ නම සහිතව ඵල කිරීමට අප සුදානම් අපට ලියන්න .

 

© 2013 Nimrasa. All rights resevered. Designed by Templateism

Back To Top