Egg omelette Rolls

බිත්තර ඔම්ලට් රෝල්ස්

අවශ්‍ය දේ .. 

  •  බිත්තර (3 ) 
  • චොප් කරගත් ලුණු 
  • මිරිස් ඔම්ලට එකකට අවශ්‍ය තමන් කැමති දෙයක් .          (මම ගත්තේ තක්කාලි සහ ලුණු කොළ පමණයි ) 
  • ගම්මිරිස් කුඩු 
  • ලුනු 


සාදන ක්‍රමය 



  1.  බිත්තර ඔම්ලට් එකට අවශ්‍ය විදිහට සියලුම දේ දමා ගෑරුප්පුවකින් පොඩ්ඩක් බීට් කර ගන්න . 
  2. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දමා ඒ තෙල් රත්වූ පසුව රූපයේ පරිදි පිරිසිදු ටිශු එකකින් පිහ ගන්න . 
  3. දැන් ඔම්ලට් මිශ්‍රණයෙන් ටිකක් එයට දමන්න . මදක් බිත්තරය ෆ්‍රයිඩ් වීගෙන එන විට එහි එක් කොනකින් නමා ඉතාමත් සීරුවෙන් ඔම්ලට් එකේ 3/4 ක් වන තෙක් නමන්න . මෙසේ නමන විටදී අතින් පොඩ්ඩක් බිත්තරය තද වෙන ආකාරයට නමා ගන්න . 
  4. දැන් පෑන් එකේ ඉතිරි කොටසට ඔම්ලට් මිශ්‍රණයෙන් ටිකක් දමා , බිත්තරය හිමින් හිමින් ඉදිරියට නමා ගන්න . නැවත ඔම්ලට් එකේ 3/4 වන තෙක් නමා ඉතිරි කොටසට ඔම්ලට් මිශ්‍රණය දමා ඉහත ආකාරයෙන් නමන්න . ඔම්ලට් මිශ්‍රණය ඉවර වෙන තෙක් කීප වරක් මේ ලෙස කර ගන්න . 
  5. අවසානයට පොටෝ එකේ පෙනෙන ලෙස පැත්තෙන් පැත්ත ඔම්ලට් ඒක බැද ගන්න . මතක තබා ගන්න මෙය මදක් අතින් තද කර කොටු හැඩයට හදා ගන්න . 
  6. අවසානයට කෑලි කපා ආහාරයට ගන්න .

Written by

ඔබට රසවත් ගුණවත් කෑමවේලක් සැපයීම අගේ අරමුණයි.ඔබගේ කෑම වට්ටෝරු ඔබගේ නම සහිතව ඵල කිරීමට අප සුදානම් අපට ලියන්න .

 

© 2013 Nimrasa. All rights resevered. Designed by Templateism

Back To Top