අවශ්‍ය දේ..
|
සාදන ආකාරය
පාන් පිටි,බෙිකින් පවුඩර් සහ බටර් ලුණු වතුර භාජනයකට දමා ටිකෙන් ටික අයිස් වතුර එක් කරමින් හොදින් අනා ගන්න,හොඳින් අනා ගත් පසු පිටි අතේ නොඇලේ,එසේ සාදාගත් පිටි ගුලිය විනාඩි 40 පමණ පිපෙන්න හරින්න, තාච්චීයක් ගෙන එළවළු තෙල් ටිකක් දමා එයට සිහින්ව කොටු හැඩයට කපාගත් කරපිංචා,රට ළුණු,අමු මිරිස්,සුදු ළුණු එකතු කර බැද ගෙන රන්වන් පැහැය වු පසු එයට කෑලිී මිරිස්,ගමිමිරීස් කුඩු,කහ කුඩු,ලුණු පදමට එකතු කර ටොමෙටෝ පේස්ට්‍රි සහ සුප් කැටයද,පොඩි කර ගත් සැමන් ද එකතු කොට අවසානයේ තමිබා පොඩි කර ගත් අල එකතු කරන්න,දැන් පිරවුම සාදා අවසානයි, ඉන් පසුව පිටි ගුලිය ගෙන එයින් පොඩි බෝල සාදා ගන්න,රොලින් පින් එකක් ආධාරයෙන් එය සිහින්ව තුනී කර වටෙිට බිත්තර සාරැ ගාගන්න,එය නවාගෙන එහි අගිස්සට ගැරැප්පුවක් හෝ හැන්දක් ගෙන තද කරන්න,(ඔබගේ කැමැත්ත පරිදි පැටිස් අචිචුවක් භාවිතා කළ හැකිය.)ඉන්පසු ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
විශේෂ ස්තුතිය ISHU FOOD


